නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ එම්.යූ.එම් අලි සබ්රි මහතා වැඩ භාර ගනී.

නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ජනාධිපති නීතීඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා අද (04) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් සහ මැති ඇමැතිවරු පිරිසක් එම අවස්ථාවට එක් ව සිටියහ.