2023 වසරේ මුදල් අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම

 

නූපන් පරපුර වෙනුවෙන් අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සිය දායකත්වය දෙගුණ කිරීමට ආරාධනා කරන බවත්, අද දවසේ ගන්නා වේදනාත්මක තීන්දු යහපත් අනාගත පරපුරක් නිර්මාණය කරනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා 2023 වසරේ රාජකාරි ආරම්භ කරමින් සඳහන් කරයි.

 

හෙතෙම පෙන්වා දෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ක්‍රියාත්මක කිරීමේ දී දශක ගණනාවක් තිස්සේ පැවැති අඩුලුහුඩුකම්වල ප්‍රතිඵල අද රට පත්ව ඇති තත්ත්වයට හේතුව බවයි. මූල්‍ය විනයක් නොමැතිකම මෙම තත්ත්වයන්ට ප්‍රධාන හේතුව බව පෙන්වා දුන් සිරිවර්ධන මහතා කියා සිටියේ 2023 වසරේ දී සිය දායකත්වය දෙගුණකින් ලබා දෙන ලෙස රටේ හදවත බදු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.