මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩ භාර ගනියි

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ෂෙහාන් සේමසිංහ මහතා අද (08) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය. රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ සහ ජානක වක්කුඹුර යන මහත්වරු ද ඊට එක් වූහ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන,  භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු වන ඒ.කේ. සෙනෙවිරත්න, ඩබ්ලියු. ඒ. සරත් කුමාර සහ ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය