මුදල් විශුද්ධිකරණ සහ ත්රස්තවාදයට මුදල් යෙදවීම වළක්වා ගැනීමට අවශ්‍ය විධිමත් යාන්ත්‍රණයක් මෙරට රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වන ක්‍රියාකාරී සැලසුම් ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කරමින් සිටී. මෙම ප්‍රතිපත්තිය තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීම, වත්මනෙහි ක්‍රියාත්මක වන නෛතික ප්‍රතිපාදන වඩාත් පුළුල් කිරීම එක් එක් ආයතනයට අනන්‍ය වූ ක්‍රියාකාරී සැලසුම්වල හඳුනාගත් පුමුඛතාගත ක්‍රියාමාර්ග ආයතන තනි තනිවත්, සාමූහිකවත් ක්‍රියා කිරීම. එක් එක් ආයතන අතර සහයෝගීතාවයෙන් ඒකාබද්ධව අවශ්‍ය කරන විමර්ශන ක්‍රියාත්මක කිරීමත් මේ වන විට සිදුවෙමින් පවතී.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් යෙදවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් 2025.12.09 දින මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහිදී මුදල් විශුද්ධිකරණයට සම්බන්ධව මේ වන විටත් සමහර ආයතන සහ පුද්ගලයන්ට විරුද්ධව පරීක්ෂණ මෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව අවධානයට යොමු විය. මෙම අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් පෙන්වා දෙනු ලැබුවේ මෙම අරමුණ ඔස්සේ එක් එක ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා හොඳ ප්‍රගතියක් ලබාගෙන ඇති බවත්, සියළු ආයතන මුදල්, විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් යෙදවීම වළක්වාලීමට ඒකාබද්ධව කටයුතු කිරීමත්, අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමටත් අත්‍යාවශ්‍ය බවයි.
ශ්‍රී ලංකාව මේ වන විට 2026 මාර්තු මස සිට නොවැම්බර් 06 දක්වා කාල සීමාව තුළ මුදල් විශුද්ධිකරණය පිළිබඳ රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධව ස්ථාපිත කර ඇති ආසියා පැසිෆික් කලාපීය කණ්ඩායම විසින් සමාලෝචනයට ලක් කිරීමට නියමිත බවත්, ඒ සඳහා නිරන්තර සූදානම, ඒකාබද්ධ යාන්ත්‍රණය, නිරන්තර පසු විපරම් ක්‍රියාවලිය, මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් යෙදවීම වැළැක්වීමේ රජයේ ඒකායන අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඉතා වැදගත් වන බවයි. එමෙන්ම ගරු ජනාධිපතිතුමා පුමුඛ රජය විසින් මේ සඳහා අවශ්‍ය කරන දේශපාලන නායකත්වය සහ අවශ්‍ය කරන සහය ලබාදෙන බව එහිදී සදහන් කරන ලදි.