රාමසාන් සමය වෙනුවෙන් රට ඉඳි සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 199/=කින් අඩු කෙරේ

ඉදිරියේදී ආරම්භ වන රාමසාන් උපවාස කාලයේදී මුස්ලිම් ජනතාවට සහන සැලසීම උදෙසා රටඉඳි ආනයනය සඳහා දැනට ක්‍රියාත්මක කිලෝ ග්‍රෑමයකට රු . 200 ක් වු විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑමයකට රු.1. 00 ක් පමණක් අයවන ලෙස එම බද්ද රු . 199 කින් අඩුකිරීමට තීරණය කර ඇත.

ගරු මුදල් අමාත්‍යතුමා විසින් 2022 මාර්තු මස 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ 2022 මාර්තු මස 28 දිනැති අංක 2273/01 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ආනයන බලපත්‍ර පාලන ක්‍රමවේදය යටතේ රටඉදි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බැවින් එමගින් මහජනතාවට වැරදි අදහසක් ඇතිකිරීමට කටයුතු කර ඇතිබව පෙනීයයි.

රටඉඳි ආනයන කටයුතු ආනයන පාලන බලපත්‍ර ක්‍රමවේදය යටතට පත්කර නොමැති බව මහජනතාවට මෙයින් දන්වනු ලැබේ.

 

මුදල් අමාත්‍යාංශය

2022 මාර්තු මස 28 දින