ප්‍රවෘත්ති නිවේදනයයි

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සහ ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතියෙන් දැනට වෙළඳපලේ ඇති මිල ගණන් පහත හෙලීම තුළින් පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීම සඳහා 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි (අද මධ්‍යම රාත්‍රී සිට) ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු (බොම්බයි ළූණු) සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, කි. ග්‍රෑමයකට රු 30 කින් අඩු කිරීම සිදු කර ඇත.

මේ සඳහා 2007 අංක 48 දරණ විශේෂ භාණ්ඩ බදු පනතේ 2 වන වගන්තිය යටතේ අංක 2260/72 දරන 2021.12.31 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

මුදල් අමාත්‍යාංශය

2021.12.31

Press Release