රටේ වර්තමාන ආර්ථික තත්වය සහ අනාගත ආර්ථික ඉලක්ක පිලිබඳ අමාත්‍යවරුන් , රාජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (18) ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් මැතිතුමන් විසින් පසුගිය පාලන සමයේදී සිදු වූ ආර්ථික පරිහාණිය සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා වර්තමාන රජය ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් සිදු කළේය. එමෙන්ම ආර්ථික ඉලක්ක පිළිබඳව මහබැංකුව විසින්ද දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.