Skip to Content

මුදල් අමාත්‍යවරයා

Picture of Hon. Ravi Karunanayake Minister of Finance, January 2015 to Present

ගරු රවී කරුණානායක මැතිතුමා

මුදල් අමාත්‍යවරයා - 2015 ජනවාරි සිට මේ දක්වා

තිස්ස කරුණානායක හා කාමලිකා කරුණානායක යන දෙපලට දාව 1963 පෙබරවාරි මස 19 වන දින කොළඹ දී උපත ලද සන්දේශ් රවීන්ද්‍ර කරුණානායක දරුවන් දෙදෙනෙකුත් යුත් පවුලේ වැඩිමල් දරුවා විය. කොල්ලුපිටිය ශාන්ත තෝමස් මුලික පාසලෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලැබු ඔහු උසස් අධ්‍යාපනය සදහා යොමු වුයේ වරලත් කළමණාකරණ ගණකාධිකරණයටයි.

Delair Ltd ආයතනයෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කරනු ලැබු ඔහුට us Global Lanka පෞද්ගලික සමාගමේ සභාපති ලෙසත් Vacuum Processing ලංකා ආයතනයේ Global Transportation 9 Logistics පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි Eagle Air International හා Global Air and toners පෞද්ගලික ආයතනවල අධ්‍යක්ෂ ලෙසත් ව්‍යාපාර ලෝකයේ ඉහලම තලයට යාමට මග සලසනු ලැබුයේ හේලීස් සමාගමේ හා MIT Air Cargo සමාගම් වෙතින් ලැබු පරිචයයි. තවද ඔහු ශ්‍රී ලංකාවේ කාර්මිකයන් හා ව්‍යාපාරිකයන් සවිමත් කිරීම සදහා වන එක්සත් මණ්ඩල ව්‍යාපාරයේ සාමාජිකයෙකුද වේ.

පළමුවරට 1994 දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වන පාර්ලිමේන්තුව සදහා රවී කරුණානායක මහතා පත්වුයේ ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලැබු ලාබාලම මන්ත්‍රීවරයා ලෙසයි. නැවත වරක් 2000 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වු ඔහු නැවත 2011 වසරේදී ද 12 වන පාර්ලිමේන්තුව සදහා තේරී පත් විය.

අතිගරු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එක්සත් ජාතික පක්ෂ රජයේ ඔහු වෙළද හා පරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස 2001 දෙසැම්බර් මස 12 වන දින පත් කරනු ලැබීය.

1999 වසරේදී අන්තර්ජාතික ජේසීස් (Jaycecs) සංගමය රවී කරුණානායක මහතා වෙත නැගී එන තරුණ දේශපාලඥයා යන සම්මානය පිරිනමන ලද අතර එම වසරේදීම කොළඹ Jaycecs සංගමය ඔහු ‘’වසරේ දේශපාලඥයා හා මහජන පරිපාලකයා‘’ ලෙස තෝරා ගන්නා ලදී.

 

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ, මුල්‍ය ප්‍රතිපත්ති, සැලසුම් හා ජාතික ඒකාබද්ධතාවය පිළිබඳ කාරක සභාවේ හා විදේශ සබඳතා පිළිබද කාරක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ඔහු විසින් කැපී පෙනෙන දේශපාලන භුමිකාවක් ඉටු කරයි. තවද ඔහු ව්‍යවස්ථා ප්‍රතිසංවිධානය පිළිබඳ තේරීම් කාරක සභාවේ හා ජනමාධ්‍ය ප්‍රතිසංවිධානය පිළිබඳ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකුද වේ.

ලේඛණ කලාව පිළිබඳවද දක්ෂතා වලින් හෙබි රවී කරුණානායක මහතා සිය ව්‍යාපාර, දේශපාලන හා පාර්ලිමේන්තු ජීවිතයට අමතරව විවිධ ශ්‍රී ලාංකීය හා විදේශීය ප්‍රකට වෘත්තීය ප්‍රචාරක ආයතන හා සංවිධාන මගින් පළකරන පුවත්පත් හා සඟරා සඳහා ආර්ථික කටයුතු, අලෙවිකරණය, ව්‍යාපාර කළමනාකරණය, දේශපාලන සංස්කෘතිය හා රාජ්‍ය මුදල් හා බදුකරණය සම්බන්ධ ලිපි සැපයීමෙන් නිරන්තර දායක වේ. එසේම ඔහු ආර්ථික සබඳතා, දේශපාලන සංස්කෘතිය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වත්මන් තත්වය ආදී මාතෘකා යටතේ සිංහල හා ඉංග්‍රිසි මාධ්‍යයෙන් රූපවාහිනිය ඔස්සේ සජීවිව හෝ පටිගත කරනු ලැබ විකාශය කරන විවාද හා සංවාද බොහොමයක් සඳහාද සහභාගි වනු ඇත.

මේලා සමඟ විවාහ වී සිටින රවීට ඔතෙලා, ෂෙනෙලා හා මිතෙලා නමින් දියණියන් තිදෙනෙකු සිටිති. සෑම සාර්ථක මිනිසෙකු පසුපසම කාන්තාවක් සිටින බවට ඇති පැරණි කියමන යථාර්ථයක් කරමින් ඔහුට ශක්තිය වන්නේ මේලාය. තම පවුලට බෙහෙවින් ලැදි ඔහු ව්‍යාපාර, දේශපාලන ජීවිතයට අමතරව හැකි සෑම විටම තම පවුල් සංස්ථාව හා ගත කරයි.

ඔහු සැබවින්ම ආදර්ශයට ගත හැකි පුද්ගලයෙකි.

Publications

EVENTS